Saturday, October 13, 2012

මගේ බ්ලොග් අඩවිය

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොගයක් ලියන්න පටන් ගත්තා. මෙක ගොඩ කාලයක ඉඳලා මගේ හිතේ තිබ්බ අදහසක්, නමුත් වැඩ රාජකාරි යෙදුන නිසා ටිකෙන් ටික කල් ගියා.

"ගවේශකයා" මගේ කුළුඳුල් බ්ලොගයයි. නමෙන් කියවෙන විදියටම මම තොරතුරු සහ දැනුම ගවේශණය කරන්නෙක්. ඉතින් මේ තොරතුරු ගවේශණයෙදි මගෙ කනට ඇහෙන, ඇසට පෙනෙන දේ ඔබත් සමග බෙදා හදා ගැනීමේ අරමුණෙන් තමයි මම බ්ලොග් අවකාශයට ආවේ.

කාලීන සිදුවීම්, කලාව, සාහිත්‍යය, දේශපාලනය, ශ්‍රී ලාංකීය ඉතිහාසය ආදී මෙකී නොකී සියල්ල ගැන හර බර ලිපි පෙලක් ඉදිරියේ දී මේ බ්ලොග් අඩවියේ ලියවේවි. නමුත් මම වඩාත් ම කැමති ගැඹුරු ශාස්ත්‍රීය සංවාදයකට වඩා, කාටත් තේරෙන විදියට සරල බස් වහරකින් ඔබත් එක්ක සංවාදයේ යෙදෙන්න.

ඉතින් සයිබර් අවකාශයේ මිතුරු මිතුරියනි, එක් වන්න මා සමග!


2 comments:

  1. ඔන්න ආරම්භය බලන්න ආව මම. ගවේශකයා මේ සින්ඩි හතරට විතරද බ්ලොග් එක දාල තියන්නේ. මගේ බ්ලොග් එකේ "ඇත හිත දෙන සින්ඩි" කියල තියන ලින්ක් වලින් ගිහින් අනිත් ඒවටත් දා ගන්න. මට ලින්ක් ටික වෙන වෙනම කොපි කරලා මෙතනට දෙන්න තිබුන. ඒත් ඒකට ටිකක් වෙලා යන නිසයි එහෙම නොකලේ. එතන තියන ඒවාට අමතරව තව දෙකක් විතර ඇති "සින්ඩි" කියන පිටුවේ.
    එහෙනම් ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මම ඒ සින්ඩි වලටත් දාන්නම් කො :)

      Delete